ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරකයන් වැඩි කර ගැනීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දීය සංචාරකයන් සඳහා සුවිශේ පැකේජයක් හඳුන්වා දි ඇත.

හින්දු වීර කාව්‍යය වන රාමායනය හා සම්බන්ධ වැදගත් ස්ථාන 50 ඇතුළත් ” රාමායණ මංපෙත” හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

සීතා මාතාව වහල්භාවයේ සිටියදි වන්දනා මාන කළ බව පැවසෙන සීතා අම්මාන් දේවාලය, හනුමන්තා දෙවිදු විසින් බිම හෙලූ හිමාලයේ කොටසක් යැයි සැලකෙන රූමස්සල කන්ද ඊට ඇතුළත් වෙයි.

මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නවමු සන්ධිස්ථානයක ආරම්භය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.

Exit mobile version