2024 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 31 දක්වා ශීත සමය සැමරුමක් බවට පත් කරමින් අබුඩාබිහි ​ Mother Of the nation Festival (MOTN) පැවැත් වේ. Al Mugheirah Bay , Al Ain Square, සහ Abu Dhabi Corniche යන ස්ථාන වල පැවැත්වෙන මෙම උත්සවය සියලුම වයස් වල පිරිසට විවෘත ය.

උත්සවය ආරම්භ කරමින්, යුනියන් දින උත්සව (නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වා) විස්මිත මල්වෙඩි, විවිධ ප්‍රසංග සමඟින් එමීර් රාජ්‍යයේ සංස්කෘතිය විදහා දක්වයි. එමිරාති කලාකරුවන් ඇතුළත් සජීවී ප්‍රසංග, සාම්ප්‍රදායික උරුමය නවීන රිද්ම සමඟ මුසු කරමින්, මාසයක් පුරා සංදර්ශන පැවැත් වේ.

උත්සවය අවසන් වන විට, Corniche හි දර්ශනීය අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ඇත.

ප්‍රවේශපත් මිල මෙසේයි. සාමාන්‍ය ප්‍රවේශය: AED 25
දින ප්‍රවේශය,  AED 100
පවුල් සඳහා (3+1 නොමිලේ): AED 295
එදින දොරටුවේ ප්‍රවේශපත්‍ර සඳහා එක් එක් කාණ්ඩය සඳහා අමතර ඩිරාම් 5ක් වැය වේ.

වේලාවන්:

අල් ඩෆ්රා: සවස 4 සිට 10 දක්වා
අල් අයින්: සවස 4 – 12 AM

Share.

Comments are closed.

Exit mobile version