ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.04ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙසේය.

• ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.75ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.294.75ක් ලෙස දැක්වෙනවා.

• ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.18ක් සහ විකුණුම් මිල රු.295.73ක් ලෙස සඳහන්.

• හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් වන අතර විකුණුම් මිල රු.294.00ක් වනවා.

• සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.55ක් බවත් විකුණුම් මිල රු.294.05ක් බවටත් දැක්වෙනවා.

• කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.72ක් සහ විකුණුම් මිල රු.294.50ක් ලෙස සඳහන්.

• අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.30ක් ලෙසත් විකුණුම් මිල රු.293.30ක් ලෙසටත් වාර්තා වනවා.

Share.

Comments are closed.

Exit mobile version