Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කයෙන් 90% ක් සපුරයි
Sri Lankan news

ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කයෙන් 90% ක් සපුරයි

kumudikaBy kumudikaDecember 6, 2024Updated:December 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එය ඉලක්කගත මුදලින් සියයට 90ක ප්‍රතිශතයක් බව කී ඒ මහතා ඉදිරි කාලය තුළ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ද කීවේය.

රජයට බදු ආදායම්වලින් සියයට 50ක ප්‍රතිශතයක් එකතු කර දෙන්නේ රේගුවෙන් බව කී ඒ මහතා මෙවර ආදායම් ඉලක්කය සපුරාගත හැකි වුවහොත් රේගු ඉතිහාසයේ එකතු කළ ඉහළම බදු ආදායම් ප්‍රතිශතය එය වනු ඇති බව ද කීවේය.

එමෙන්ම රේගුවට නොදන්වා සුඛෝපභෝගි වාහන ගෙන්වීම් අනාවරණය වීම් හේතුවෙන් රථ වාහන දත්ත තහවරු කිරීමේ පද්ධතියක් (Motor Vehical Verification System) හඳුන්වා දීමට පියවර ගත් බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි අතර රේගුවේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ වාහනයට අදාළ චැසි අංකය ඇතුළත් කළ සැණින් එම වාහනය නීත්‍යනුකූලව ගෙන්වූ වාහනයක්ද නැද්ද යන්න ඉන් තහවුරු වන බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම ලෝකයේ කොහේ සිටියත් එම පද්ධතියට පිවිස වාහනය පරීක්ෂා කර බැලීමේ හැකියාව මින් ලැබෙන බවත් මිල දී ගැනීමට යන්නේ නීති විරෝධිව එකලස් කළ හෝ ගෙන්වන ලද වාහනයක් ද යන්න දැන ගැනීමට හැකි වන බවත් කීවේය. නීති විරෝධීව ආනයනය කරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් වාහනයක් මිල දී ගැනීමේදී ජනතාව අතර බියක් හට ගැනීම ද මින් වැළකෙන බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම අපනයනකරුවන්ට පහසුකම් සැපයීම සඳහා විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කර ඇති බව කියා සිටි ඒ මහතා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තමන් ආනයනය කරන ලද කන්ටේනරය තිබෙන්නේ කොහේද යන්න සොයාගත හැකි වන පරිදි ට්‍රැකින් සිස්ටම් විශේෂ ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇතයි ද කීවේය.

රේගුවේ වෙබ් අඩවියට පිවිස තමන ආනයනය කරන කන්ටේනරයේ දත්ත ඊට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම කන්ටේනරය පවතින්නේ කුමන ස්ථානයක ද යන්න ආනයනකරුට දැනගත හැකි වන පරිදි මේ දත්ත පද්ධතිය සකස් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (05) රේගු මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
Next Article ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.