ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි.

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය.

කෘමිනාශක, වල්නාශක වර්ග 11ක් ‍රජරට පුද්ගලයින්ගේ මුත්‍රාවල තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බව එහිදී මහාචාර්යවරයා සඳහන් කර සිටියේය.

අපගේ අහාර පිළිබඳව පරික්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද අප තවමත් එසේ සිදුකර නොමැති බව මහාචාර්යවරයා සඳහන් කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය 23.9%ක් වී ඇති බවත් කුරුණෑගල එම අගය 20.6ක් ලෙස සටහන් වී ඇති බවද මහාචාර්යවයරා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා තිබේ.

Share.

Comments are closed.

Exit mobile version