නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ වන විටත් රටේ සෘජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් තිබූ බැවින් රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ වනවිට රජයට දැනුම් දී තිබූ බව එහි සඳහන් වේ.

ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවද එම නිවේදනයේ දැක් වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ඇතුළත් අයවැය ලේඛනය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බවය.

මෙමගින් එවක රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.

Exit mobile version