පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන මෙරට රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව මහ බැංකු දත්තවලට අනුව පෙනී යන බව economynext පවසයි. අඛණ්ඩව 12 වැනි සතිය සනිටුහන් කරමින් මෙය සිදු විය.

අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙන්නේ මෙයට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් තවදුරටත් පොලී අනුපාත අඩුකිරීම් සහ රුපියල ශක්තිමත් වනු ඇතැයි විදේශ ආයෝජකයින් අපේක්ෂා කිරීමය.

මේ අතර අදාළ පුවත් වාර්තාව කොළඹ පදනම් කරගත් මුදල් බෙදාහරින්නෙකු උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වන්නේ, වෙළෙඳපොළ පොලී අනුපාතවල මූලික ලක්ෂ්‍ය 150ක අඩුවීමක් සහ අඛණ්ඩ මුදල් අගයක් අපේක්ෂා කරන බවය.

ඉකුත් 2022 දී උද්ධමනය 70%ට වඩා ඉහළ යාමෙන් පසු පොලී අනුපාත පහත වැටීමට තුඩු දෙන අවධමනකාරී ප්‍රතිපත්ති සහ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර දෙසැම්බර් 5 න් අවසන් සතිය තුළ, රජයේ සුරැකුම්පත් වෙත ගලා ආ විදේශ ලැබීම් රුපියල් බිලියන 9.74 (ඩොලර් මිලියන 33.6) දක්වා ළඟා වූ අතර, පසුගිය සති 12ක කාලය තුළ දී එය රුපියල් බිලියන 28.8ක (ඩොලර් මිලියන 99.4) ප්‍රමාණයක් ගෙන ඇතැයි එම පුවත් වාර්තාවේ දැක් වේ.

තව ද ඉකුත් දෙසැම්බර් 5 වනදා වන විට රජයේ සුරැකුම්පත්වල විදේශ වත්කම් රුපියල් බිලියන 68.1ක් ලෙසින් සඳහන්ව ඇති අතර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධමනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වීමෙන් අනතුරුව ද ආර්ථික ප්‍රතිපත්ති නොවෙනස්ව පැවතුනද, ක්‍රමානුකූලව දූෂණයට එරෙහිව සටන් කිරීමට ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥා විදේශ ආයෝජන ආකර්ශනයට පිටුබලයක් වනු ඇති බව එහි වැඩිදුරටත් දැක් වේ.

Share.

Comments are closed.

Exit mobile version