මෙරට ජල­ස­ම්පා­දන හා සනී­පා­ර­ක්ෂක ක්ෂේත්‍රයේ සංව­ර්ධ­නය වෙනු­වෙන් ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක සහන ණය මුද­ලක් ශ්‍රී ලංකා රජ­යට ලබා දීමට සැල­සුම් කර ඇතැයි ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝජ්‍ය නේවා­සික අධ්‍යක්ෂ චොල්පොන් මෙම්බ­ටෝවා මහ­ත්මිය පැවසුවාය.

ඇය මේ බව පැව­සුවේ ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත පිරි­සක් හා නාග­රික සංර්ධන, ඉදි­කි­රීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරු­ණා­ති­ලක මහතා අතර ඊයේ (11) අමා­ත්‍යාං­ශයේ පැවැති සාක­ච්ඡා­ව­ක­දීය.

ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් ක්‍රියා­ත්මක කරන නාග­රික සංව­ර්ධන හා ජල­ස­ම්පා­දන ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

නාග­රික සංව­ර්ධන හා ජල­ස­ම්පා­දන අමා­ත්‍යාං­ශයේ ආය­තන 03ක් මෙම ජල ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා ඒකා­බ­ද්ධව පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බව පැවසූ ඇමැ­ති­ව­රයා ආසි­යානු සංව­ර්ධන බැංකුව ශ්‍රී ලංකාව වෙනු­වෙන් ලබා­දෙන ආධාර හා ණය පහ­සු­කම් වෙනු­වෙන් ස්තූතිය පළ කළේය.

මෙම සාක­ච්ඡාව සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද එක් වූ අතර ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නාග­රික සංව­ර්ධන විශේ­ෂඥ පෙඩ්රෝ අල්මේදා මහතා සහ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිල­ධාරී කමල් දහ­නා­යක, අමා­ත්‍යාංශ ලේකම් රංජිත් වීර­රත්න, ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති ඩී.එන්. සුම­න­සේ­කර, එහි සාමා­න්‍යා­ධි­කාරී ටී. භාර­ති­දා­සන් යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධාරී කණ්ඩා­ය­මක් සහ­භාගි වූහ.

Share.

Comments are closed.

Exit mobile version