කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
එසේ වුවද තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍යවරයා කියා සිටියි.
Xහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.