2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කර තිබේ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2024 ඔක්තෝබර් මාසයට අදාල අපනයන හා ආනයන වාර්තාවට අනුව එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 370,185.9 කි.

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස නවයක කාලය තුළදී පමණක් මෙරටට රුපියල් මිලියන 26,479 ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,019 කි.

එම කාලසීමාව තුළදී මෙරටින් රුපියල් මිලියන 66,031 ක වටිනාකමකින් යුත් මාළු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,945 ක් බවයි එම වාර්තාව පෙන්වා දෙයි.

Share.

Comments are closed.

Exit mobile version