දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය මහාචාර්ය, වෛද්‍ය සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ආදී ලෙස නමට ඉදිරියෙන් ඇති පදවි තානාන්තර නිවැරදි දැයි කියා පාර්ලිමේන්තුව විසින් අදාළ මැති ඇමැතිවරුන්ගෙන් නැවත විමසීමක් සිදු කර ඇත.

එසේ සිදු කිරීමට ආසන්නම සිදුවීම වී ඇත්තේ අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ ලෙස තොරතුරු ඇතුළත් කිරීමේදී පාර්ලිමේන්තු නිලධාරියකු අතින් සිදුවූ අතපසුවීම සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් එම මැති ඇමැතිවරුන්ට පුද්ගලිකවම කතා කොට නමට ඉදිරියෙන් ඇති එම පදවිනාම පිළිබඳ වරදක් ඇද්දැයි විමසා නිවැරදි කිරීම් සිදුකර ගෙන ඇත.

එලෙස විමසීම් සිදුකර තහවුරුකර ගැනීමෙන් පසුව ඒවා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි නිවැරදි ලෙස පළවී ඇද්දැයි සොයාබලා ඒවා නිවැරදි ලෙස යාවත්කාලීන කර අවසන් කර ගත් බව එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් එහිදී කථානායක අශෝක රන්වල මහතාගෙන් නැවත ඔහුගේ ආචාර්ය පදවිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර ඇති අතර අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගෙන් ද එවැනි විමසීමක් සිදුකර නොමැත.

අගමැතිනිය මීට පෙර ද පාර්ලිමේන්තුව නියෝජනය කළ බැවින් ඇයගේ පදවිය සම්බන්ධයෙන් නැවත විමසීමක් සිදු කිරීම අවශ්‍ය නොවූ බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් කීය.

මේ අතර කථානායකවරයාගේ ආචාර්ය පදවිය සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පාර්ලිමේන්තු සතියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.

Share.

Comments are closed.

Exit mobile version