ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ නොවන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය බවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද ඔහු අවධාරණය කර සිටියේය.
ජනතා අප්‍රසාදයට ලක්ව ඇති ඇතැම් දේශපාලනඥයන් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ද විජිත හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.