දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවය.
ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ් පත හඳුන්වා දීමට නියමිතය.
එහිදී එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කෙරෙනු ඇත.
මීට සමගාමීව අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා ද නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට නියමිතය. දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.