Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොලීසියට රාත්‍රි වාහන පරික්ෂාවේදී වාහන වලට ලයිට් ගැසීම තහනම්
Sri Lankan news

පොලීසියට රාත්‍රි වාහන පරික්ෂාවේදී වාහන වලට ලයිට් ගැසීම තහනම්

kumudikaBy kumudikaDecember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය පිළිබඳව තොරතුරු ඇති බව සඳහන්ය.

එබැවින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන්
Next Article අලුත් අවුරුදු සැමරුම සඳහා ඩුබායි නගරයේ මාර්ග කීපයක් වසා දැමීමට පියවර
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.