ආර්ථිකය මේ තිබෙන තත්ත්වයෙන් පහතට කඩා වැටී රට වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙයි කියා සිතන කණ්ඩායම නොවැම්බර් මාසයේ දී 6% සිට 3% දක්වා පහත වැටී ඇති බව, ප්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන L.M.D. විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 

අදාල සමීක්ෂණයේ නොවැම්බර් ප්‍රතිඵල පෙන්නුම් කරන ආකාරයට, ජනතාවගෙන් 41% ක් ඉදිරි වසර තුළදී ආර්ථිකය සුබවාදීව වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, 56% ක් ආර්ථිකය මේ පවතින තත්ත්වයෙන්ම පවතිනු ඇතැයි විශ්වාස කරති. 

රටේ ආර්ථිකය ඉදිරි වසර තුළ දී වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි විශ්වාස කරන්නේ ජනතාවගෙන් 3% ක් පමණි. 

මීට පෙර නිකුත් වු සමීක්ෂණ වාර්තාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කළ පිරිස 6% ක් වූ අතර, නවතම සමීක්ෂණයෙන් එම ප්‍රමාණය 6% සිට 3% දක්වා පහත වැටී ඇති බව පෙන්නුම් කරයි. 

Share.

Comments are closed.

Exit mobile version