Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රථවාහන වැරදි සම්බන්ධව  පැමිණිලි කරන්න e – traffic ස්මාට් ඇප් එක හඳුන්වා දෙයි
Sri Lankan news

රථවාහන වැරදි සම්බන්ධව  පැමිණිලි කරන්න e – traffic ස්මාට් ඇප් එක හඳුන්වා දෙයි

kumudikaBy kumudikaJanuary 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic ජංගම දුරකතන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකතන යෙදවුම ඔබගේ ජංගම දුරකතනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති අතර එමඟින් ජනතාවගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානයට යොමු කළ හැකිය.

දිවයිනේ සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අතර දෛනිකව සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකතන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.

මෙම යෙදවුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකිය.

එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියැදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.

එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබයි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅයවැය විවාදය පෙබරවාරි 18 සිට
Next Article පසුගිය රජය පැනවූ අත්‍යාවශ්‍ය ආහාර කීපයක වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කරයි
kumudika

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.