ගෙවී ගිය 2024 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22,700ක (රුපියල් බිලියන 227) ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවට රජය දී තිබූ ඉලක්කය රුපියල් බිලියන 232කි. 2024 වසරේ ගතවූ මාස 12 තුළ දෙසැම්බර් මාසයේදී වැඩිම ආදායම උපයා ගනිමින් රුපියල් බිලියන 26ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් විය. අඩුම ආදායම වාර්තා වී ඇත්තේ මැයි මාසයේ වන අතර එය රුපියල් බිලියන 14.3කි.
අප්‍රේල් මාසයේ රුපියල් බිලියන 23.1ක්, අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 20.3ක් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 20ක් වශයෙන් ආදායම් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබිණි. නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපහසු වී ඇතැයි වාර්තා වේ.