Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ වත්කම ඩොලර් මිලියන 650 ක්
Sports

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ වත්කම ඩොලර් මිලියන 650 ක්

kumudikaBy kumudikaJanuary 3, 2025Updated:January 3, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19000ක්) පමණ වෙතැයි ගණන් බලා ඇත.

ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල් 7ක්, සාප්පු සංකීර්ණ 3ක්, ස්පාඤ්ඤයේ මහල් නිවාස පහක් මෙන්ම ලන්ඩන් සහ පැරිසියේ මහල් නිවාස ඇති බව ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙයට අමතරව බාර්සිලෝනා නගරයෙන් පිටත කැස්ටල්ඩෙෆෙල්ස් හි වෙරළබඩ මන්දිරයක් ඇතුළු සුඛෝපභෝගී නිවාස ඇතැයි සඳහන් වේ.

ඔහු සතු කෝටි ගණන් වාහනවලට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ගල්ෆ්ස්ට්‍රීම් නම් වූ පුද්ගලික ජෙට් යානයක් ද ඇත. පැයට කිලෝමීටර් 940 දක්වා වේගයකින් පියාසර කිරීමට හැකි මගී ආසන 16ක් සහිත මේ පුද්ගලික ගුවන් යානයේ මුළුතැන්ගෙයක් සහ නාන කාමර දෙකක්ද ඇත.

වත්මන් ඉන්ටර්මියාමි ක්‍රීඩා සමාජ‍ය හා සහ හිටපු බාසිලෝනා පුරාවෘත්තය වූ මෙසී තම සමාගම එඩිෆිසියෝ රෝස්ටවර් (Edificio Rostower) සමූහය ලෙස නම්කොට එහි සභාපති ලෙස පත්ව සිටී. ඔහුගේ බිරිඳ ඇන්ටොනෙල්ලා රොකියුසෝ එම ව්‍යාපාර සමූහ‍යේ උප සභාපති වේ.

ස්පාඤ්ඤ බැංකුව විසින් අධීක්‍ෂණය කරන ලද විකල්ප වෙළඳපොළක් වන පෝර්ට්ෆොලියෝ කොටස් හුවමාරු වෙළෙඳපොළ (Portfolio Stock Exchange) අනුව මෙසීගේ සමාගමේ කොටසක වටිනාකම අමෙරිකානු ඩොලර් 60ක් (ශ්‍රී ලංකා රුපියල් 17538ක්) වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 232.12ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6785ක) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට පරිවර්තනය වූ බව රොයිටර් වාර්තා කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 සුරාබදු ආදායම කෝටි 22,700 ක්
Next Article ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ ජාත්‍යන්තර වෛද්‍ය නියෝජිත ලෙස ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්
kumudika

Related Posts

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.