ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සදහන් කළේය.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අය කරන ගාස්තුව රුපියල් 450 කි.

Share.

Comments are closed.

Exit mobile version