ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හා වරාය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම රැස්වීමේදී වරාය බහාලුම් තදබදය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

බහාලුම් ප්‍රවාහන රථ 800 -1000ක් අතර ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව මේ වන විට වරාය තුළ රඳවා ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පසුගිය 09 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ. වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමණාකාරීත්වයේ පවතින දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බව, එහි සභාපති සනත් මංජුල මහතා කියාසිටියේය.

Share.

Comments are closed.

Exit mobile version