හොරු ඇල්ලී­ම නිශ්චිත ක්‍රම­වේ­ද­යක් මත සිදු­වන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (19) කළු­තර, කටු­කු­රුන්දේ පැවති ජනතා හමු­වක් අම­ත­මින් ප්‍රකාශ කළේය.

මෙවැනි ආණ්ඩු­වක් ඉති­හා­සයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනා­ධි­ප­ති­ව­රයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජ­නාව ඉක්ම­නින් පාර්ලි­මේන්තු­වට ගෙන එන බව ද පැව­සීය. මැති ඇමැ­ති­ව­රුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩා­ගා­ර­යට මුදල් රැගෙන එන බව මෙහිදී පැවසූ ජනා­ධිප­ති­ව­රයා වර්ත­මාන ඇමැ­ති­ව­රුන් සුඛෝ­ප­භෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොක­රන බව ද සඳහන් කළේය.

ජනා­ධි­පති මන්දි­රය, අර­ලි­ය­ගහ මන්දි­රය, නුවර ජනා­ධි­පති මන්දි­රය හැර අනෙ­කුත් ඒවා පිළි­බ­ඳව සොයා බැලී­මට කමි­ටු­වක් පත්ක­රන බව මෙහිදී සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා මෙතෙක් සිටි පාල­ක­යන් මහ­ජන මුදල් අයුතු ලෙස භාවිත කර­මින් සැප විඳි බව සිහිපත් කළේය. ජන­තා­වට දේශ­පාලන වෙනසක් අවශ්‍ය වූ බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා ඒ සඳහා ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළු­වන් පතු­ල­ටම වැටුණු රටක් ජාතික ජන ­බ­ල­වේ­ගය භාර­ගත් බව ද එම රට ගොඩ­නැ­ඟී­මට පිය­ව­රෙන් පිය­වර ජාතික ජන බල­වේ­ගය කට­යුතු කරන බව ද සඳ­හන් කළේය.

රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ගොඩ­නැ­ගී­මේදී ඉන්දි­යාව ඉතා වැද­ගත් බව ද කී ජනා­ධි­ප­ති­ව­රයා වත්මන් ආණ්ඩුව පිහි­ටු­වී­මෙන් පසුව ඉන්දි­යාව සමඟ සබඳතා තව තවත් ශක්ති­මත් කර ගැනී­මට කටයුතු කළ බව ද පැව­සීය. ආසන්න වශ­යෙන් රුපියල් දහ ලක්ෂ විසි­ද­හ­සක ආධා­ර­යක් චීන­යෙන් ලැබුණ බව ද පැවසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම­ඟින් ග්‍රාමීය දුප්ප­ත්භා­වය තුරන් කිරී­මට සහ පොදු සේවා­වන් වර්ධ­නය කිරී­මට ඒ මුදල් යොද­වන බව ද පැව­සීය.

Share.

Comments are closed.

Exit mobile version