පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ක්‍රමිකව වෙළඳ පොළ හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි බවද හෙතෙම කියා සිටියේය. පළමු මාසයේදීම ඩොලරය මත වැඩි තෙරපුමක් ඇති නොවීමට කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ල්ංකාව තුළ දැනට පවතින දෙවන පෙළ වාහන වෙළඳපළේ මිල සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු බවත් පැවසූ ඔහු ගෙන්වන වාහන විශාල ලෙස මිල අඩු වුවහොත් හෝ පරතරය අඩු වුවහොත් බැංකු පද්ධතිය ඇතුළු මුල්‍ය ආයතන අර්බුදයකට යනු ඇති බවත් සඳහන් කළේය.

මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් පැවසු ඔහු දැනටමත් නිකුත් කරන ලද වාහන විසි දහසක් පමණ තිබෙන බවත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version