මෙරට පැවැති ඖෂධ මාෆියාව අවසන් කිරීමට සමත් වූ සමාගම බවට ABC pharma පත් වී තිබේ.ඒ ඔවුන් විසින් මෙරටට අඩු මිලට ඖෂධ ගෙන්වීමට ගත් තීරණයත් සමගයි. ඖෂධ මිල ගණන් අඩු කර ගැනීම සදහා ඖෂධ නියාමන අධිකාරිය අනවරත අරගලයක නිරතව සිටින බව වාර්තා වේ.
විශේෂයෙන්ම, ඇතැම් ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික සමාගම් අසාධාරණ ලෙස අසීමිත ලාභයක් උපයමින් සිටින බව ඖෂධ නියාමන අධිකාරිය හදුනාගෙන ඇති අතර, එම ඒකාධිකාරය බිදීම සදහාද කටයුතු කරමින් සිටින බව පැවසේ. ඒ අනුව, ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ සැපයීමට අදාල නව සමාගම් ලියාපදිංචි කරමින් පවතින අතර, ඉහළ මිල ගණන් ඉදිරිපත් වන සෑම අවස්ථාවකදීම, එම ඖෂධ නිෂ්පාදනය කරන මව් සමාගම සමග සෘජු සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. මෑතක දී මහත් ආන්දෝලනයක් ඇති කළ හෘද රෝගීන් සදහා ලබා දෙන පැපවෙරින් හයිඩ්රෝක්ලෝරයිඩ් papaverine hydrochloride නමැති එන්නතේ මිල ඇදහිය නොහැකි ලෙස පහත දමා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී ඇත්තේ ද ඒ අනුව ය.
එමෙන්ම දරුවන්ගේ අසාත්මිකතා වැළැක්වීම සදහා ලබා දෙන ප්‍රොමෙතසයින් promethazine නමැති ඖෂධයද බෝතලයක මිල රුපියල් 1200 සිට රුපියල් 150 දක්වා පහත දමා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී තිබේ. ඊට අමතරව, එක් මාත්‍රාවක් රුපියල් ලක්ෂය ඉක්මවා තිබුණු ඉමියුනිග්ලෝබියුලීන් immunoglobulin නමැති එන්නත මේ වන විට, එය මුලින් ගෙන්වන ලද සමාගම හරහාම රුපියල් විසි දහසක පමණ මිලකට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී තිබේ. NMRA ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශවින් සේමගේ මහා සහ පවසා සිටියේ human immonoglobin’ නමැති ඖෂධය ඒකාධිකාරියක් එක්තරා සමාගමකට පැවැති බවත් මෙම ඖෂධය සඳහා සැපයුම්කරුවන් තවත් කීප දෙනෙක්ට ලියාපදිංචිය ලබාදු පසු අදාළ එම සැපයුම් කරුම මීට පෙර ඩොලර් 390 කට සපයන ලද අතරේ තරගකාරීත්වය හමුවේ ඩොලර් USD 98 අනූ අට දක්වා අඩුකර ඇති බවයි.
මෙය ඉන්දියාවේ රිලෑන් සමාගමෙන් ආනයනය කරනු ලබන අතරින් දේශිය ආනයනකරු වන්නේ ABC pharma සමාගමයි.