Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වැඩි බදු ගෙවන්න වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමේ
Sri Lankan news

වැඩි බදු ගෙවන්න වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමේ

kumudikaBy kumudikaFebruary 5, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් 300කට අධික පිරිසකට එම කර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් මේ නිසා 350,000 කට අධික පිරිසකගේ රැකියා අවිනිශ්චිතාවකට පත්වන බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයෙහි නියෝජ්‍ය මහලේකම් රුමේශ් පෙරේරා පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මිලියනයකට අධික පිරිසක්ද වක්‍රකාරව සේවයේ නිරතව සිටිති. ඔවුන්ටද ඝෘජුවම මෙම ගැටලුව බලපායි.

දැනට ක්‍රියාත්මක සරල කරන ලද වැට් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය විසින් තීරණය කර තිබුණ ද එම තීරණයට ඒකාබද්ධ ඇඟලුම් සංසදය ඇතුළුව මෙරට මහා පරිමාණයේ සිට සුළු පරිමාණය දක්වා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එම තීරණය හකුළා ගත් බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත්, නව රජය මේ පිළිබඳ සිය ස්ථාවර පැහැදිලි ලෙස ඇඟලුම් නිෂ්පාදකයන්ට දන්වා නොමැති බවත්, සරල කරන ලද වැට් බද්ද අහෝසි කිරීමට හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරීත්වය අධික වීමත්, කර්මාන්තකරුවන්ගේ ලාභ තීරුව සියයට 7 ත් 8 ත් අතර අගයක පැවතීම හේතුවෙන් සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින සියයට 18 ක වැටුප් වැඩිවීමක් කිසිදු ලෙසකින් ලබා දීමට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට හැකියාවක් නොමැති බවත් ඔහු පැවසුවේය.

ආදායම් බද්ද එකවර සියයට 14 සිට 30 දක්වා වැඩිකර තිබෙන බැවින්, සරල කරන ලද වැට් බදු ක්‍රමය වෙනුවට වැට් බද්ද (18%) ආදේශ වුවහොත් මෙම බදු දෙකම එකවර ගෙවීමට මෙන්ම, සේවක වැටුප සියයට 18 කින් වැඩි කරන්නටද සිදුවුවහොත් සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට කර්මාන්තයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු කීවේය.
ඩොලරය රුපියලට සාපේක්ෂව අධි ප්‍රමාණය වූ කාලයේදී ඇඟලුම් අපනයනකරුවන් ඉහළ රුපියල් ආදායමක් ඉපැයීමට සමත් වූ බවත්, එම අමතර ඉපැයීම්වලින් කොටසක් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සේවකයන්ට සහන ලබා දීමට කටයුතු කළ බවද ඔහු පැවසුවේය.

මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් ආදායම පෙරට වඩා අඩු වී තිබුණත් ඒම කාලවකවානුවේ දී සේවකයන්ට ලබා දුන් සහන කප්පාදු කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් කටයුතු නොකළ බවද ඔහු සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රථම වරට ඩුබායි හිදී ශ්‍රී ලාංකිකයන්ට ඉඩම් හා නිවාස ප්‍රදර්ශනයක්
Next Article අර්ථසාධක අරමුදලට ලියාපදිංචි වීම සඳහා නව ක්‍රමයක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.