පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතු වේ.
රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කළේ, පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ගත් තීරණයකට අනුවයි.

යෝජනාව ඉදිරිපත් වූයේ ආණ්ඩු පක්ෂයෙනි.
ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවට තීරණය කෙරුණි.

පසුගිය පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගනු ලැබුවද ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස් වන්නේ අද දිනයේයි.

මේ අතර විදේශ විනිමය පාලන පනත යටතේ නියෝගයක් හා ආනයන අපනයන පාලන පනන යටතේ නියෝග දෙකක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතයි.

Share.

Comments are closed.

Exit mobile version