වාහන ආනයනය සඳහා ඇති සීමා ඉවත් කළද වාහන ආනයන කරුවන් තොග වශයෙන් වාහන ඇනැවුම් කිරීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ මෙවර වාහන ආනයයේදී පනවා ඇති දැඩි සීමා කිරීම් හා වාහන මත පනවා ඇති ඉහල බදු මත අලෙවි කිරීමට ගැණුම්කරුවන් සොයා ගැනීමේ ගැටළුවය. එම තත්ත්වය මත ඔවුන් සිදුකරමින් ඇත්තේ වාහන අවශ්‍ය අයගෙන් පෙර ඇනුවම් ලබා දී ඔවුන් හරහා ණයවර ලිපි විවෘත කරවාගෙන ඔවුන්ගේ නමටම වාහනය ආනයනය කර දී ඒ සඳහා මෙහෙයුම් ගාස්තුවක් අය කිරීමයි.

එමෙන්ම ආනයනකරුවන් හරහා වාහයක් මිලට ගැනීමේදී පාරිභෝගිකයට අමතර බද්දක් පැටවීම මත වාහනයේ මිලද ඉහළ යන බව ආනයනකරුවන් කියා සිටිති.

මෙම තත්ත්වය මත මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් පවා වැඩි ප්‍රියතාවයක් දක්වමින් සිටින්නේ පාරිභෝගිකයන්ගෙන් පෙර ඇණැවුම් ලබාගෙන වාහන ආනයනය කර දීමටයි.

Share.

Comments are closed.

Exit mobile version