හදිසි විදුලි බිඳවැටීමෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්ෂණ පද්ධති (Safe mode Operations) ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනක යන්ත්‍ර තුනම අක්‍රිය වූ බවත් එහි ප්‍රතිෂ්ඨාපන කටයුතු යුහුසුළුව සිදුකරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ නිසා දිනකට පැය එක හමාර බැගින් කාණ්ඩ කිහිපයක් යටතේ අද (11)දිනයේත් විදුලි විසන්ධි කරන බව එම මණ්ඩලය සඳහන් කරයි. මෙය ඊයේ (10) දිනයේද ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව A,B,C,D කාණ්ඩය යටතේ පස්වරු 3.30ත් පස්වරු 4.00 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 5.00ත් පස්වරු 5.30 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

E,F,G,H,U,V කාණ්ඩය යටතේ පස්වරු 5.00ත් පස්වරු 5.30 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 6.30ත් පස්වරු 7.00 අතර විදුලිය යථා තත්ත්වයට පත් වනු ඇත.

I,J,K,L,P,Q කාණ්ඩය යටතේ පස්වරු 6.30ත් පස්වරු 7.00 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 8.00ත් පස්වරු 8.30 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

R,S,T,W,A කාණ්ඩය යටතේ පස්වරු 8.00ත් පස්වරු 8.30 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 9.30ත් පස්වරු 10.00 අතර විදුලිය යථා තත්ත්වයට පත් වේ.

කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වෙලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස් වීමට ඉඩ ඇති බව ලංක විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි සැපයුම විසන්ධි කරන වෙලාව සහ යථා තත්ත්වයට පත් වන වෙලාව නියමිත වෙලාවේ සිට මිනිත්තු 30ක් ඇතුළත වෙනස් වීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version