Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ලංකාවේ වැන්ඩර්සේ සහ චමරිට ක්‍රික් ඉන්ෆෝ සම්මානය
Sports

ලංකාවේ වැන්ඩර්සේ සහ චමරිට ක්‍රික් ඉන්ෆෝ සම්මානය

kumudikaBy kumudikaFebruary 14, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත්පත්තු සම්මාන දිනා ගැනීමට සමත්ව තිබේ.

පසුගිය වසරේ (2024) ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය 18 වැනි වරට සංවිධාන කරන මේ සම්මාන උලෙළේදී වැන්ඩර්සේ වසරේ හොඳම එක්දින පන්දු යැවීමේ දක්ෂතාව සඳහාත්, චමරි වසරේ හොඳම එක්දින පිතිකාරිනිය ලෙසත් නම් කෙරිණි.

ඉන්දියාවට එරෙහිව පසුගිය වසරේ අගෝස්තු 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයේදී ඕවර 5ක් තුළ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් 7 දෙනාගෙන් 6 දෙනකුම දවා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් වැන්ඩර්සේට මේ සම්මානය හිමිවිය. එම තරගයේදී සිය හොඳම ජාත්‍යන්තර එක්දින පන්දු යැවීම සටහන් කළ ඔහු එහිදී ලබා දුන්නේ ලකුණු 33ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹ පැවති තරගයේදී ලකුණු 19කට කඩුලු 7ක් බිඳ දැමූ වනිඳු හසරංග, ඉන්දියාවට එරෙහිව තෙවැනි එක්දින තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් බිඳ දැමූ දුනිත් වෙල්ලාලගේත් මේ සඳහා නිර්දේශ අතරේ සිටියහ.

මේ සම්මාන සඳහා ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංකගේ නමත් හොඳම එක්දින පිතිකරු ලෙස නිර්දේශවී තිබුණත් එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් නොදැවී රැස් කළ ලකුණු 154ක හේතුවෙන් ඔහුට සම්මානය හිමි විය.

චමරි අතපත්තු හොඳම එක්දින පිතිකාරිනිය ලෙස සම්මාන ලැබුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී විශිෂ්ට ඉනිමක නිරත වෙමින් නොදැවී රැස් කළ ලකුණු 195 හේතුවෙනි. මේ සම්මානයට එම තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොදැවී ලකුණු 184ක් රැස් කළ ලෝරා වොල්වාඩ්ගේ නම ද නිර්දේශ වී තිබිණි. චමරි 2023 වසරේත් මේ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. මීට අමතරව චමරි වසරේ නායිකාව ලෙසත් නිර්දේශ අතරට එක්ව සිටියාය.

මෙහිදී ඔලී පොප් (එංගලන්තය) සහ ශෙමාර් ජෝෂප් (කොදෙව්) හොඳම ටෙස්ට් පිතිකරු සහ පන්දු යවන්නා, ඉන්දියාවේ රෝහිත් ශර්මා සහ ජස්ප්‍රීට් බුම්රා විස්සයි20 පිතිකරු සහ පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින ට්‍රක් රථ ටෙස්ලා සමාගමෙන්
Next Article ශ්‍රී ලංකාවේ ඇමරිකානු ව්‍යාපෘති දෙකක් නතර වේ
kumudika

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.