පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වන දා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි. එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලේය.

පෙබරවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. රුසියාව සහ එක්සත් රාජධානිය දෙවනුවට සහ තෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි රටවල් ලැයිස්තුවේ සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version