හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කප්පාදු කරන බව නව රජය බලයට පත් වීමට පෙර සිටම ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසර සදහා හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති ආර්යාවක් වෙනුවෙන් රජය වැය කරන වියදම රුපියල් ලක්ෂ 170 කින් කප්පාදු කර තිබෙන බව වාර්තා වේ.

2024 වසරේ දී හිටපු ජනාධිපතිවරුන් සහ හේමා ප්‍රේමදාස ජනාධීපති ආර්යාව වෙනුවෙන් රජය වැය කර තිබෙන මුදල් රුපියල් ලක්ෂ 1500 කට ආසන්න වේ.

2025 වසරේ දී එම මුදල රුපියල් ලක්ෂ 1330 ක් දක්වා පහත හෙලා ඇතැයි සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version