ඩුබායි හි ආගන්තුක සත්කාර අංශයට විශාල ප්‍රබෝධයක් ලැබෙන Corinthia හෝටල් සමූහය විසින් වාර්තාගත සුඛෝපභෝගී ගොඩනැඟිල්ලක් එළිදැක්වීමට සූදානම් වේ.
කොරින්තියා හෝටල් සමූහය සහ ඩුබායි General Properties සමාගම ඩුබායි හි මෙම සංවර්ධනය සිදු කිරීමට නියමිතය. ෂෙයික් සයීඩ් මාර්ගයට නවමු අංගයක් එක් කරමින් සුපතල Future meusium ආශ්‍රිතව මෙය ඉදි කිරීමට නියමිතය. මෙම ද්විත්ව කුළුණු සංවර්ධනය ලෝකයේ උසම ව්‍යුහයන්ගෙන් එකක් බවට පත්වීමට සූදානමින් සිටින අතර එය මීටර් 500 කින් යුක්තය.
ගෘහස්ථ හා එළිමහන් තටාක, අති නවීන ශාරීරික යෝග්‍යතා පහසුකම්, පුද්ගලික පුහුණුව සහ පරිපූර්ණ සුවතා සේවා ඇතුළත් නවීනතම කොරින්තියා වෙල්නස් ස්පා හි වැසියන්ට සහ සංචාරකයින්ට පෙර නොවූ විරූ මට්ටමේ සුවයක් සහ විවේකයක් අත්විඳිය හැකිය.
කොරින්තියා ඩුබායි Burj Khalifa, Burj Al Arab සහ Jumeirah Beach ඇතුළු ඩුබායි හි අහස විචිත්‍රවත් කරන සෙසු ගොඩනැගිලි පරදා යෑමට සූදානම් වේ. අංශක 360 ක පරිදර්ශක දසුන් සමඟින් වාර්තා බිඳ දැමීමට සූදානම් වේ.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය වර්ග මීටර් 330,000ක් පුරා විහිදෙන අතර, සශ්‍රීක හරිත අවකාශයකි