2025 ජනවාරි මාසයේ අපනයන ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්වා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි.

මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රී ලාංකේය කර්මාන්තවල ඔරොත්තුදීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරගකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසර ආර්ථික වර්ධනයකට මාවත විවර කරයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,004.82කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51%ක වර්ධනයකි.

කෘෂිකාර්මික අපනයන 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 14.87% වර්ධනයක් වන අතර එය 2025 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 258.93 දක්වා ළඟා විය.

කාර්මික අපනයන ජනවාරි මාසය තුළදී 0.08%ක වර්ධනයක් වන අතර එය ඩොලර් මිලියන 745.89කි. 2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 329.37කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 37.87%ක වර්ධනයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 ජනවාරි සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන අමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් විය.

Share.

Comments are closed.

Exit mobile version