පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කරමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
එම ලිපිය ඔහු පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත්තේ පෙරේදා (19) දිනයේදීය. සතියක විදෙස් සංචාරයක නිරතව පැමිණීමෙන් පසුව ඔහු මෙම ලිපිය පොලිස්පතිවරයාට යොමුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේද බුද්ධික මනතුංග මහතාය. ඒ අනුව ඔහු එම තනතුරෙන්ද ඉවත්වීමට ඉල්ලා ඇති බව සඳහන්ය.
බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පොලිස්පතිවරයා විසින් පත්කරනු ලබන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.