Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොලිස්පති දේශබන්ධු බෝගම්බර සිර ගෙදරට
Sri Lankan news

පොලිස්පති දේශබන්ධු බෝගම්බර සිර ගෙදරට

adminBy adminMarch 21, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කල අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නුවර දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව ලබන අප්‍රේල් මස 03 වැනි දින දේශබන්ධු තෙන්නකෝන් මහතා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කරන තෙක් ඔහු එම බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත කුටියක රදවා තැබීමට තීරණය කර ඇත.

අවි සහිත බන්ධනාගාර නිලධාරීන් සහිත බන්ධනාගාර බස් දෙකකින් පොලිස් ආරක්ෂාව ද සහිතව සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතා මාතර කොටවිල පිහිටි අධිකරණයේ සිට බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

සැකකාර පොලිස්පතිවරයා ආරක්ෂා සහිතව ප්‍රවාහනය කරන ලෙසත් ඔහුට බන්ධනාගාරය තුල විශේෂ ආරකාෂාවක් සහිතව රදවා තබන ලෙසත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (20) සහ ඊයේ (19) යන දෙදිනම මාතර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කලේය.

සැකකාර පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුම සිදු කරන කාලයේ දෙස් විදෙස් අපරාධකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන නිසාවෙන් ඔහුගේ ආරක්ෂාව තර කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට අමතරව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද සැකකාර පොලිස්පතිවරයාට විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර ගත කිරීමට විරුද්ධත්වයක් නොමැති බවද දන්වා තිබුණේය.

ඒ අනුව බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් පරිදි පරිදි සැකකාර පොලිස්පතිවරයා බෝගම්බර බන්ධනාගාරයේ රදවා තැබීමට තීරණය විය.
ඊයේ (19) සිට අද දහවල් 12.00 පමණ වන තෙක් ඔහු රදවා තබා තිබුණේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුලය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
Next Article ඩිරාම් බිලියන 25 ක වියදමින් Ajmal Makan City – Sharjah Waterfront ව්‍යාපෘතිය එළිදක්වයි
admin
  • Website

Related Posts

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.