Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට පළමු වරට කාන්තාවක්
World news

ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට පළමු වරට කාන්තාවක්

adminBy adminMarch 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරී පත්ව තිබේ.

ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරී පත් වූ පළමු කාන්තාව ලෙසයි.

එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10 වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් හිමිය.

එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්විණි. එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්ය.

අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතව ඇත.

ඒ අනුව ඇය අවම වශයෙන් ඉදිරි වසර 8 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙසින් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSheikh Zayed මාර්ගයේ නව මාර්ග පුළුල් කිරීම හරහා ගමන් කාලය විනාඩි 2 දක්වා අඩු කරයි
Next Article පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.