Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාණිජ නොවන රාජ්‍ය ආයතන රැසක් වැසීමට යයි
Sri Lankan news

වාණිජ නොවන රාජ්‍ය ආයතන රැසක් වැසීමට යයි

adminBy adminMarch 24, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, එම නිර්දේශවලට ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීම, ඇතැම් රාජ්‍ය ආයතන සඳහා රජයේ මැදිහත් වීම අවසන් කිරීම සහ ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම ඇතුළත්ව තිඛෙන බවත්, එම කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ යටතේ අමාත්‍යාංශ හයකට අයත් වාණිජ නොවන රාජ්‍ය ආයතන 12 ක් ඈවර කිරීමට නියමිතව ඇති අතර, මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව ද ඒ යටතේ වසා දැමීමට නියමිතය.
එලෙස ඇවර කිරීමට නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන අතරට ගාලු උරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය එක කළමනාකාරිත්වයක් යටතට ගෙන ආ යුතු බවට ද කැබිනට් මණ්ඩලය පත් කළ එම කමිටුව නිර්දේශ කර ඇත.

එමගින් එම ආයතන වල කාර්යක්ෂමතාව මෙන්ම වාණිජ වශයෙන් යැපිය හැකි බව ද ඉහළ යනු ඇතැයි කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.
කළමනාකාරිත්වය එක් තැනකට ගෙන ඒම සඳහා යෝජනා කළ ද, ඉහත මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ලබාගත යුතු බව ද කමිටුවේ මතය වී ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කිරීමටත්, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය තල් සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කිරීමටත්, කමිටුව එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
රටේ සියලුම ව්‍යවස්ථාපිත වාණිජ නොවන රාජ්‍ය ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පත් කරන ලදී. රාජ්‍ය සේවා සැපැයීම ශක්තිමත් කිරීම C300 එම ආයතන වලට ආවේණික අකාර්යක්ෂමතා ආමන්ත්‍රණය කිරීම එහි අරමුණ විය.

අමාත්‍යාංශ 24කට අයත් රාජ්‍ය ආයතන 160 ක් කමිටුව විසින් මෙලෙස ඇස්තමේන්තු කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් කමිටු වාර්තාව පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර. එහි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

ඇතැම් රාජ්‍ය ආයතන කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත්, ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් කමිටුවේ නිර්දේශය වී තිබේ.
අනෙකුත් වාණිජ නොවන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික – රාජ්‍ය හවුල්කාරිත්වයක් ගොඩනගාගත යුතු බව ද කමිටුව නිර්දේශ කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleStarlink අන්තර්ජාල සේවාව ලංකාවේ මෙහෙයුම් අත්හිටුවයි
Next Article ඩොලර් බිලියන හතකින් අලුත් ආණ්ඩුවේ ණය බර ඉහලට
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.