මෙරට රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
මෙලෙස ස්ථාපිත කර ඇති ශුක්‍රානු බැංකුව මඟින් සැමියාගේ මදසරුභාවය හේතුවෙන් දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාගැනීමට අවශ්‍ය ධාතු ලබාගැනීමේ හැකියාව පවතී.
එම කටයුතු රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට සිදුකරන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පැවසුවේය. මෙම ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව පවතින අතර ඒ, වෙනුවෙන් පරීක්ෂණ කිහිපයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙලෙස ශුක්‍ර ධාතු ලබාදෙන පුද්ගලයින් සහ ලබාගන්නා අය කවුරුන්ද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වෙනත් පාර්ශ්වයකට දැනගැනීමට අවස්ථාව ලබා නොදෙන බව සඳහන් ය.
ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට කැමති අය සිටී නම් බොරැල්ල කාසල් රෝහල සමඟ සම්බන්ධ වී එම කටයුතු පිළිබඳව දැනුවත්වීමේ හැකියාව පවතී.