ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මාර්තු මාසය සඳහා -2.6% ක් දක්වා වැඩි වී ඇත. එය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් ලෙස වාර්තා වී තිබුණි.
2025 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා වැඩි වී ඇති අතර 2025 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ -0.2% ක් ලෙසයි.
එමෙන්ම, 2025 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -4.1% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් ලෙස වාර්තා විය.