එළඹෙන අප්‍රේල් 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ටෝකන් පත් නිකුත් කිරීම එම දිනවල මධ්‍යහ්න 12.00 දක්වා පමණක් සිදු කෙරෙන බවයි.

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Share.

Comments are closed.

Exit mobile version