ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2025 පෙබරවාරි මාසයේ දී -3.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මාර්තු මාසය සඳහා -1.9% ක් දක්වා වැඩි වී ඇත.
2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී 0.8% ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත.