ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සිව්වැනි ණය වාරිකය මුදා හැරීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

විදුලි නිෂ්පාදන පිරිවැය නිරූපිත විදුලි ගාස්තුවක් ඉදිරිපත් කරන ලෙස ඔවුන් ප‍්‍රධාන ලෙස දැනුම් දී තිබේ. එය පහසු කිරීම සඳහා විදුලි මිල සූත්‍රයක් හඳුන්වා දීමටද මුල්‍ය අරමුදල යෝජනා කර ඇත.

එමෙන්ම ප්‍රාථමික ගිණුමේ ශේෂයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල් එකඟතා අනුව පැවතිය යුතු බවද සඳහන් කර තිබේ.

ඉන් පසුව වාරිකය මුදා හැරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය විධායක මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කරයි.

Share.

Comments are closed.

Exit mobile version