එළඹෙන මැයි මස 06වන අඟහරුවාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී ඇත .

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වාය.

නමුත් ආයෝජකයන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට පෙර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version