ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55 – 60% ත් අතර ප්‍රතිශතයක් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තොරතුරු සඳහන් කරයි. වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 70% ක් පමණ වේ. ඡන්දය භාවිත කිරීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රතිශතය 52% කි.

ගම්පහ දිස්ත්‍රික්කය 56%, බදුල්ල දිස්ත්‍රික්කය 60% ක්, නුවරඑළිය දිස්ත්‍රික්කය 60% ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කය 63% ක්, කළුතර දිස්ත්‍රික්කය 61% ක්, අනුරාධපුර දිස්ත්‍රික්කය 60%ක්, පුත්තලම දිස්ත්‍රික්කය 55%ක්, අම්පාර දිස්ත්‍රික්කය 63%ක්, මොනරාගල දිස්ත්‍රික්කය 61% ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 67%ක්, ගාල්ල දිස්ත්‍රික්කය 63%ක්, වවුනියාව දිස්ත්‍රික්කය 60%ක්, මාතර දිස්ත්‍රික්කය ස 58%ක්, මුලතිව් දිස්ත්‍රික්කය 60%ක්, කෑගල්ල දිස්ත්‍රික්කය 58%ක්, මහනුවර දිස්ත්‍රික්කය 58%ක්, මාතලේ දිස්ත්‍රික්කය 62%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කය 61%ක්, යාපනය දිස්ත්‍රික්කය 57%ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කය 60%ක්, රත්නපුර දිස්ත්‍රික්කය 60% ක්, මඩකලපුව දිස්ත්‍රික්කය 61%ක්, කුරුණෑගල දිස්ත්‍රික්කය 55% ක් ලෙස ඡන්දය භාවිත කර තිබිණි.

Share.

Comments are closed.

Exit mobile version