විල්පත්තු අභය භූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ විභාගයට ගැනුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය මේ පිළිබඳ දැනුම්දීම සිදු කළාය.

ඒ අනුව අදාළ පෙත්සම සමථයට පත් කර ගැනීමට දෙපාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණි.

Share.

Comments are closed.

Exit mobile version