ලබන මස දෙවන සතියට පෙර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නගරාධිපතිවරුන් කවුරුන්ද යන්න දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

සභිකයන් පත් කිරීම සඳහා නිකුත් කෙරුණු ගැසට් පත්‍රය පිළිබඳව ද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒ මහතා කරුණු පැහැදිලි කළේය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගයට හැකි විය.

සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version