නව පාප්වරයෙක් පත්කරගැනීමේ ඡන්දය සාර්ථක බව සළකුණු කරමින් වතිකානයේ බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරය පිට විය.

මේ අනුව සුදු දුමාරය පිට වූ මොහොතේ සිට පැයක කාලයක් ඇතුළත නව පාප් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටියි.

බිලියන1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

බැසිලිකාවට පැමිණෙන නව පාප් වහන්සේ ‘අපට නව පාප්වරයෙක් පත්ව ඇත’ යන අරුතින් යුතුව ‘හබෙමුස් පාපම්’ යන වාක්‍යය හඩනගා කියැවීම සිදු කරනු ලබයි.

14 වන ලියෝන් පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාතික රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවොස්ට් කාදිනල් තුමන් පත්වී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version