Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පළාත් පාලන ආයතන සඳහා රජයෙන් මුදල් ලබා දීම IMF විසින් වළක්වයි
Sri Lankan news

පළාත් පාලන ආයතන සඳහා රජයෙන් මුදල් ලබා දීම IMF විසින් වළක්වයි

kumudikaBy kumudikaMay 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමට මධ්‍යම රජයෙන් ලැඛෙන අරමුදල් 2028 වසර වන විට නතර කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි අනුව මෙසේ පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන අරමුදල් 2028 වනවිට නතර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ පැවැසුවාය.

පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීම සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට මුදල් වෙන්කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන මගිනි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අයවැය මගින් මෙම මුදල් වෙන්කරන අතර පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වෙත අදාළ අරමුදල් ලැබේ. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය ගෙවීම් ආරම්භ වන 2028 වසරේ සිට පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් නොලැබී යනු ඇතැයි වාර්තා වේ.

2028 වසරේ සිට පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීම් නතර කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක මව්වරුන්ගේ දිනය අදයි
Next Article මේ වසරේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉහලට
kumudika

Related Posts

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.