මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට පෙරේදා (21) පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව පළව තිබේ.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ. මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟා වීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශ්වාසය බව මහ බැංකුව පවසයි.

පුරෝකථනය කළ පරිදි මේ වසරේ මාර්තු මාසයේ සිට අවධමන තත්ත්වය ලිහිල්වීම ආරම්භව ඇතැයිද නවතම පුරෝකථන අනුව නුදුරු කාලීනව උද්ධමනය පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමීව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ යැයි ද මහ බැංකුව කියයි.

තෙවැනි කාර්තුවේ මුල් කාලයේදී උද්ධමනය ධන අගයකට පත්වී ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කරයි.

Share.

Comments are closed.

Exit mobile version