72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබේ.
මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ඇය වාර්තා අතරට එක් වේ.
මීට අමතරව මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරඟකාරිය බවටද ඇය පත්වීම විශේෂත්වයකි.
Head to Head තරගයේ අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.