මේ වසරේ (2025) ගතවූ පළමු මාස 04 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.09 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව, මෙම කාලසීමාව තුළ වාර්තාවී ඇති මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5583.25 කි.
වැඩිම අපනයන ආදායම උපයන ඇගලුම් සහ රෙදිපිළි අංශයේ ගතවූ මාස 04 තුළ ඩොලර් මිලියන 1,747. 91 ක් උපයා ඇති අතර එය පසුගිය වසරේ සටහන් වුණේ ඩොලර් මිලියන 1, 566.39 ක් ලෙසය.